සමහර සිදුවීම් සිදු වන ස්ථීරවම කිව හැක.

සමහර සිදුවීම් සිදු නොවන ස්ථීරවම කිව හැක.

සමහර සිදුවීම් සිදුවන්නට හෝ නොවන්නට හැක. ඒවායේ ප්‍රතිඵලය සිදුවීමට කලින් කිව නොහැක. එවැනි සිදුවීම් අහඹු සිදුවීම් ලෙස හැඳින්වේ.

මේ කරුණු පෙළ පොතේ 29.1 අභ්‍යසය ඇසුරින් සාකච්ඡා කරමු.

ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීම වෙනුවෙන් කරන ක්‍රියාව හෝ ක්‍රියාදාමය "පරීක්ෂණය" වේ.

කාසියක් පෙරලූ විට ලැබිය හැකි ප්‍රතිඵල "සිරස ලැබීම" සහ "අගය ලැබීමය" යි. "කාසියක් පෙරලා ලැබෙන ප්‍රතිඵලය නිරීක්ෂණය කිරීම" එහි පරීක්ෂණය වේ.

මේ කරුණු පෙළ පොතේ 29.2 අභ්‍යසය ඇසුරින් තව දුරටත් සාකච්ඡා කරමු.

යම් පරීක්ෂණයක ප්‍රතිඵල සැලකූවිට සෑම ප්‍රතිඵලයක්ම ලැබීමේ සම හැකියාවක් පවතී නම්, එය සාධාරණ ප්‍රතිඵල සහිත පරීක්ෂණයකි.

එවැනි පරීක්ෂණයකට යොදාගන්නා ඝන වස්තුවක් (උදා- කාසියක්) සාධාරණ ප්‍රතිඵල සහිත ඝන වස්තුවකි.

මේ පිලිබඳව පෙළ පොතේ 29.3 අභ්‍යසය ඇසුරින් තව දුරටත් සාකච්ඡා කරමු.

දරුවනේ, අපි 7 ශ්‍රේණියේ පාඩම් මෙතැනින් අවසන් කරමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. දුව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව