Skip to content
mathematica.lk
Home
About Us
Classes
Comments
Member Login
Search this website
Menu
Close
Home
About Us
Classes
Comments
Member Login
18/B, ආවාස පාර, කැස්බෑව.
vajirapania@gmail.com
0716 349 257
සංගීතයට ආසා කළෙමි ඇලුම් කළෙමි. කලෙක එය සතුට විය. ගණිතය දෙවන කැමැත්ත විය.
නමුත් තෝරාගතයුතු දිනක් පැමිණියේය. ගණිතය තෝරාගතිමි. එයද ඉතා රසවත්ය.
ගණිත ගුරුවරයෙකු ලෙස වසර තුනක(1988/91) පුහුණුව ලැබීමි. 1992 ජනවාරි පළමු දින දුෂ්කර සේවයට ගියෙමි. ගුරුවරයෙකු ලෙස ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලයෙහි වැඩ භාරගතිමි. වසර හතරක්(1992/95) එහි සේවය කළෙමි.
කොළඹ ඉසිපතන විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලයන්හි වසර 16ක සේවා කාලයකින් පසු නුගේගොඩ අනුලා විද්‍යාලයට පැමිණියෙමි. හැකි උපරිම ලෙස ඉගැන්වීම් සහ බාහිර කටයුතු වල නියැලුනෙමි. මේ වන විට වසර 30 කට වැඩි සතුටුදායක සේවා කාලයක් හිමි ගුරුවරයෙකු වෙමි.
දැණුම පිපාසාවෙන් පෙලුනෙමි. දැණුම සොයා ගියෙමි. පොත්, මෘදුකාංග, වීඩියෝ සහ තවත් බොහෝ දේ නිර්මාණය කළෙමි.
සාමාන්යෙ පෙළ පිළිතුරුපත්‍ර සමීක්ෂණයෙහි යෙදුනෙමි. ප්‍රශ්නපත්‍ර සැකසීමට දායක වුණෙමි. එය ද සතුටින් කළෙමි.
මේ සියල්ල හැරුණු විට සියලු දෙනා සමඟ සුහදව ඇසුරු කරන, සරල ජීවිතයක් ගතකරන, මහ පොළව මත ජීවත්වන අයෙකු වෙමි.