Skip to content
mathematica.lk
Home
About Us
Classes
Comments
Member Login
Search this website
Menu
Close
Home
About Us
Classes
Comments
Member Login
ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ,
mathematica.lk මාගේ වෙබ් අඩවියට ඔබ සාදරයෙන් පිළිගන්නවා. කලක් තිස්සේ සිතෙහි තිබූ සිහිනයක සැබෑවීමක් ලෙසයි මේ වෙබ් අඩවිය බිහිවන්නේ.
මෙහි අන්තර්ගතය කුමක්ද? සරලවම කිව්වොත් 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය තෙක් දරුවන්ට ගණිතය ඉගැන්වීම සහ ඉගෙණීමට සහය වීම තමයි එහි අරමුණ.
එක් එක් ශ්‍රේණිය සඳහා විශය නිර්දේශයට අදාල පාඩම් විස්තරාත්මකව වීඩියෝ ලෙස උදාහරණ ගණිත ගැටළු විසඳමින් ඇතුලත් කර ඇත. ගණිතය පෙළ පොතෙහි අභ්‍යාස සම්පූර්ණ කිරීමට අවශ්‍ය දැණුම ඔබට ලබාගත හැකි වන පරිදි එම වීඩියෝ නිර්මාණය කළෙමි.
පාඩම් සඳහා අවශ්‍ය වන පෙර දැණුම ද ඇතුලත් කළෙමි. එම වීඩියෝ අධ්‍යයනය කරමින් ගණිතය පෙළ පොතේ අභ්‍යාස තනිව කරන්න. පෙළ පොතේ අභ්‍යාස තනිව සම්පූර්ණ කළ පසු ඒවායේ නිවරද්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා, ඒ කියන්නේ හරි වැරදි බැලීමට විස්තරාත්මක වීඩියෝ ඇතුලත් කර ඇත.
පාඩමක් සම්පූර්ණ කළ පසු දැණුම පරික්සීමට පිළිතුරු සැපයූ මොහොතේම ඔබේ ලකුණු ලැබෙන සේ සැකසූ online test ඇතුලත්ව ඇත. වාර විභාග සඳහා පෙරහුරු ප්‍රශ්නපත්‍ර, විවිධ පාසල්/කලාප/පලාත් පසුගිය ප්‍රශ්නපත්‍ර මාගේ වෙබ් අඩවියෙහි ඇතුලත්ය.
බොහෝ දරුවන්ගේ අවශ්‍යතා සහ ඉල්ලීම් අනුව පළමුව ප්‍රශ්නපත්‍ර පන්තිය සම්පූර්ණ කළෙමි. එය සාමාන්‍ය පෙළ ගණිතය ප්‍රශ්නපත්‍රයට උසස් සාමාර්ථයක් ඉලක්ක කළ පාඨමාලාවකි. ඉතිරි කොටස් වේගයෙන් සම්පූර්ණ වෙමින් පවතී.
ඔබේ ජයග්‍රහණය මාගේ සතුටයි. ඔබට ජය පතමි.
-වජිරපානි අරවින්ද-
ගණිත පාසලට ඇතුලත් වෙමු
ගණිත පාසලට ඇතුලත් වෙමු
අන්තර්ගතය
පාඩම්
පසුගිය ප්‍රශ්ණ පත්‍ර
ඉලක්ක ප්‍රශ්ණ පත්‍ර
පෙළපොතේ අභ්‍යාස
ඔබේ අදහස් සහ යෝජනා අපට එවන්න.
Name
Your Name
*
Your Email Address
*
Your comments or questions
*