සා. පෙළ A සාමාර්ථයක් සඳහා විශ්වාසනීය මගපෙන්වීමක්...

පන්තියෙහි ස්වභාවය

වැඩිම පිරිසක් A,B ලබාගත්, කිසිවෙකු මෙතෙක් S,W ලබා නොගත් පන්තියකි.

මෙය අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සැකසූ ඉලක්කගත වැඩපිළිවලකි.

සාමාන්‍ය පෙළ ආකෘතියට සැකසූ ඉලක්ක ප්‍රශ්නපත්‍ර කට්ටල 22කට (එනම් පළවන පත්‍ර 22කට සහ දෙවන පත්‍ර 22කට) විභාග ශාලාවක් තුළ නියමිත කාලයේ දී පිළිතුරු සැපයීම.

පිළිතුරු ලිවීමේ නිවැරදි වේගය පුහුණු කරවීම.

විභාගයේ දී කාලය කළමණාකරණය කරගැනීමට පුහුණුව ලබා දීම.

10-11 ශ්‍රේණි සියලුම ගණිතය පාඩම් පුණරීක්ෂණය කිරීම.

එක් එක් සිසුවාගේ දක්ෂතා/දුර්වලතා, ලකුණු වැඩිකර ගත හැකි ආකාරය සහ යා හැකි ඉලක්කය පිළිබඳ ව දෙමාපියන් සහ දරුවා සමඟ පෞද්ගලිකව සාකච්ඡා කිරීම. (ඒ සඳහා පැමිණිය යුතු දින ලබාදෙනු ඇත.)

වැඩිම කාලයක්, එනම් සතියකට වැඩිම පැය ගණනක් පැවැත්වෙන පන්තියක් වීම.

ඉලක්ක ප්‍රශ්නපත්‍ර කට්ටලය

අ.පො.ස. සා.පෙළ ආකාරයට සකසා ඇත.

ගණිතය ගුරුවරයෙකු ලෙස වසර තිහක සහ සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස වසර දහයක ලද අත්දැකීම් මෙම ප්‍රශ්නපත්‍ර සැකසීම සඳහා දායක කරගතිමි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබාදෙන නියමයන්ට අනුව සියලු ප්‍රශ්නපත්‍ර සැකසී ඇත.

පිළිතුරු සාකච්ඡා කිරීම

සාමාන්‍ය පෙළ ලකුණු ලබාදීපම් පටිපාටිය අනුව එදින ම පිළිතුරු සාකච්ඡා කිරීම සහ ලකුණු ලබා දීම.

පිළිතුරු සාකච්ඡා කිරීම සඳහා එක් එක් පියවර සඳහා ලැබෙන ලකුණු සහිතව විස්තරාත්මක PowerPoint Presentation භාවිතය.

එකම ගැටළුව විසඳිය හැකි විවිධ ආකාර සාකච්ඡා කිරීම.

සාමාන්‍ය පෙළ පිළිතුරුපත් සමීක්ෂණයේ දී ලකුණු ලැබෙන/නොලැබෙන අවස්ථා සාකච්ඡා කිරීම.

පිළිතුරු ලිවීමේ දී කළ යුතු/නොකළ යුතු දේ පිළිබඳව දැණුවත් කිරීම.

යම් අපහැදිලි කොටසක් වේ නම්, සාකච්ඡා කිරීමට පන්ති කාලයෙන් පසු කාලය වෙන් කර ඇත.