ඔබේ වාසනා අංකය හොයාගන්නේ කොහොමද?

මගේ උපන් දිනය 2012-09-28 වේ. එහි ඉලක්කම් එකතු කළ විට, 2+0+1+2+0+9+2+8=24 වේ. එහි ඉලක්කම් නැවත එකතු කළ විට, 2+4=6 වේ. එවිට මගේ වාසනා අංකය 6 වේ.

ඔබේ උපන්දිනය ලියන්න. එහි ඉලක්කම් තනි ඉලක්කමක් ලැබෙනතුරු එකතු කරන්න. එය ඔබේ වාසනා අංකයයි.

ගණිතයේ දී මෙය ඉලක්කම් දර්ශකය ලෙස හැඳින්වේ.

යම් සංඛ්‍යාවක් 3න් බෙදේද? 9න් බෙදේද යන්න පරීක්ෂා කිරීමට ඉලක්කම් දර්ශකය යොදාගත හැක.

දැන් අපි සංඛ්‍යා කිහිපයක ඉලක්කම් දර්ශකය ලබාගමු.

198 සංඛ්‍යාව ගනිමු.

1 + 9 + 8 = 18

1 + 8 = 9 එහි ඉලක්කම් දර්ශකය 9 වේ.

397873 සංඛ්‍යාව ගනිමු.

3 + 9 + 7 + 8 + 7 + 3 = 37

3 + 7 = 10

1 + 0 = 1 එහි ඉලක්කම් දර්ශකය 1 වේ.

654 සංඛ්‍යාව සලකමු.

6 + 5 + 4 = 15

1 + 5 = 6 එහි ඉලක්කම් දර්ශකය 6 වේ.

ඉලක්කම් දර්ශකය 9න් බෙදෙන සංඛ්‍යා 9න් බෙදේ. ඒ අනුව 198 9න් බෙදෙන සංඛ්‍යාවකි.

ඉලක්කම් දර්ශකය 3න් බෙදෙන සංඛ්‍යා 3න් බෙදේ. ඒ අනුව 198 සහ 654 3න් බෙදෙන සංඛ්‍යා වේ.

4.1 අභ්‍යාසය ඇසුරින් මේ පිළිබඳව සාකච්ඡා කරමු.

2න් සහ 3න් බෙදෙන සංඛ්‍යා 6න් බෙදේ.

යම් සංඛ්‍යාවක අග ඉලක්කම් දෙකෙන් දැක්වෙන සංඛ්‍යාව 4න් බෙදේ නම්, එය 4න් බෙදෙන සංඛ්‍යාවකි.

යම් සංඛ්‍යාවක අග ඉලක්කම් දෙක 00 නම්, එය ද 4න් බෙදෙන සංඛ්‍යාවකි.

පෙළ පොතෙහි 4.2 අභ්‍යාසය ඇසුරින් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු.

සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ඉතිරි නැතිව බෙදිය හැකි නම්, එම දෙවන සංඛ්‍යාව මුල් සංඛ්‍යාවේ සාධකයකි.

ඕනෑම සංඛ්‍යාවක් 1න් සහ එම සංඛ්‍යාවෙන් බෙදේ. එවිට 1 සහ එම සංඛ්‍යාව එහි සාධක වේ.

සංඛ්‍යාවක්, සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවීමෙන් එහි සාධක හඳුනාගත හැක. 15 = 3 X 5 බැවින්, 3 සහ 5 යනු 15හි සාධක වේ.

සංඛ්‍යාවක්, තවත් සංඛ්‍යාවකින් ගුණ කිරීමෙන් මුල් සංඛ්‍යාවේ ගුණාකාර ලබාගත හැක. 3,6,9,12,... යනු 3හි ගුණාකාරයි.

පෙළ පොතෙහි 4.3 අභ්‍යාසය ඇසුරින් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු.

සාධක අතර ඇති ප්‍රථමක සංඛ්‍යා ප්‍රථමක සාධක ලෙස හැඳින්වේ.

තවද, සංඛ්‍යාවක් ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ද ලිවිය හැක.

උදා- 60 = 2X2X3X5 වේ.

පෙළ පොතෙහි 4.4 අභ්‍යාසය ඇසුරින් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු.

සංඛ්‍යාවක් ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියා ඒ ඇසුරෙන් ද සාධක ලබාගත හැකිය.

උදා- 60 = 2X2X3X5 වේ.

2X2X3X5 = (2X2)X(3X5) = 4X15

2X2X3X5 = (2)X(2X3X5) = 2X30

2X2X3X5 = (2X2X3)X(5) = 12X5

2X2X3X5 = (2X3)X(2X5) = 6X10

පෙළ පොතෙහි 4.5 අභ්‍යාසය ඇසුරින් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු.

සංඛ්‍යා කිහිපයක පොදු සාධක අතරින් විශාලතම පොදු සාධකය "මහා පොදු සාධකය (ම.පො.සා.)" ලෙස හැඳින්වේ.

පෙළ පොතෙහි 4.6 අභ්‍යාසය ඇසුරින් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු.

සංඛ්‍යා කිහිපයක පොදු ගුණාකාර අතරින් කුඩාතම පොදු ගුණාකාරය "කුඩාම පොදු ගුණාකාරය (කු.පො.ගු.)" ලෙස හැඳින්වේ.

පෙළ පොතෙහි 4.7 අභ්‍යාසය ඇසුරින් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. දුව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව