අහඹු පරීක්ෂණයක සියලු ප්‍රතිඵල නියැදි අවකාශය වේ.

යම් අහඹු පරීක්ෂණයක සෑම ප්‍රතිඵලයක්ම ලැබීමේ හැකියාව සම වේ නම්, එම ප්‍රතිඵල සම සේ භව්‍ය වේ යයි කියනු ලැබේ.

සම සේ භව්‍ය ප්‍රතිඵල සහිත පරීක්ෂණ දෙකක ප්‍රතිඵල සහිත නියැදි අවකාශය (ස්වයාත්ත සිද්ධි සහිත විට) කොටු දැලක දැක්වීම ඔබ 10 ශ්‍රේණියේ දී සාකච්ඡා කර ඇත.

මෙහිදී ප්‍රතිස්ථාපනය රහිත අවස්ථා සඳහා කොටු දැල භාවිතයෙන් සම්භාවිතාව ලබාගැනීම සාකච්ඡා කර ඇත.

පහත වීඩියොව අධ්‍යයනය කළ පසු පෙළ පොතෙහි 25.1 අභ්‍යාසය කරන්න.

25.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු ඔබේ පිළිතුරු වල නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියෝව උපකාර කරගන්න.

රුක් සටහන ඔබ 10 ශ්‍රේණියේ දී අධ්‍යයනය කර ඇත.

පහත වීඩියෝවේ දී අපි පරායත්ත ප්‍රතිඵල සහිත සිද්ධි සඳහා රුක් සටහන භාවිතා කිරීම අධ්‍යයනය කරමු.

වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 25.2 අභ්‍යාසය කරන්න.

පෙළ පොතෙහි 25.2 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු ඔබ ලබාගත් පිළිතුරු වල නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියෝව බලන්න.

දරුවනේ අපි 11 ශ්‍රේණිය පෙළ පොත අවසන් කර ඇත්තෙමු.

නමුත් සාමාන්‍ය පෙළ විභාගයෙහි උසස් ප්‍රතිඵලයක් සඳහා ඔබ නැවත නැවතත් පුණරීක්ෂණයෙහි යෙදිය යුතුය. පසුගිය ප්‍රශ්නපත්‍ර සඳහා පිළිතුරු සැපයිය යුතුය.