වෘත්තයක් මත ශීර්ෂ පිහිටන චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් වේ.

ඕනෑම ත්‍රිකෝණයක ශීර්ෂ තුන හරහා වෘත්තයක් ඇඳිය හැකි නමුදු ඕනෑම චතුරස්‍රයක ශීර්ෂ හරහා වෘත්තයක් ඇඳිය නොහැක. එසේ ඇඳිය හැකි චතුරස්‍ර වෘත්ත චතුරස්‍ර වේ.

“වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ.” යන ප්‍රමේයය භාවිතයෙන් ගැටලු විසඳීම 21.1 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

“යම් චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ නම්, එය වෘත්ත චතුරස්‍රයකි.” යන ප්‍රමේයය භාවිතයෙන් ගැටලු විසඳීම 21.2 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

“වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ.” යන ප්‍රමේයය භාවිතයෙන් ගැටලු විසඳීම 21.3 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.