ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳිනලද සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද මත අඳිනලද සමචතුරස්‍රවල වර්ගඵල එකතුවට සමානවේ.

පෙර දැණුම පුණරීක්ෂණය සඳහා පහත වීඩියෝ ඇසුරු කරගන්න.

11 ශ්‍රේණියට අදාල පයිතගරස් සම්බන්ධයේ භාවිතයන් 17.1 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

පයිතගරස් සම්බන්ධය භාවිත ජ්‍යාමිතික සාධනය කිරීම් පහත වීඩියෝවේ ඇතුලත්ය. 17.2 අභ්‍යාසය භාවිතයෙන් ඒවා අධ්‍යයනය කරමු.

ත්‍රිකෝණයක පාදවල දිග දන්නේ නම්, එය ඍජුකෝණික ත්‍රිකෝණයක් ද එසේ නොවේ ද යන්න එම දිග ඇසුරෙන් තීරණය කළ හැක. එම පාද වල දිග පයිතගරස් සම්බන්ධයට ගැලපේ නම්, එය පයිතගරස් ත්‍රිත්වයක් වේ නම්, ත්‍රිකෝණය ඍජු කෝණික වේ.

පයිතගරස් ත්‍රිත්වයක්, එනම් පයිතගරස් සම්බන්ධයට ගැලපෙන අගයයන් තුනක් ලබාගතහැකි ක්‍රම කිහිපයකි. ඒ අතරින් වඩා පහසු එක් ක්‍රමයක් 17.3 අභ්‍යාසයෙහි ඇතුලත් වේ.

අපි දැන් ඊළඟ පාඩමට යමු.