මා විසින් ඉදිරිපත් කරන ලද මෙම වීඩියෝ ජාතික අධ්‍යාපන ආයතනයෙහි ගුරු ගෙදර YouTube චැනලයෙන් උපුටාගන්නා ලදී.

ජාල රේඛය තවත් එක් දත්ත නිරූපන ක්‍රමයකි. සමූහිත දත්ත නිරූපණය කිරීමට මෙම ක්‍රමය යොදාගනී.

පන්ති ප්‍රාන්තර ලෙස සමූහනය කළ දත්ත ප්‍රාන්තර අනුව නිරූපණය කිරීම. ප්‍රාන්තර වල තරම වෙනස් විට ගතයුතු පියවර පහත වීඩියෝවෙන් සාකච්ඡා කර ඇත.

වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 15.1 අභ්‍යාසය කරන්න.

සංඛ්‍යාත බහුඅස්‍රය ජාල රේඛයෙහි තවත් එක් ඉදිරි පියවරක් ලෙසද සැලකිය හැක. නමුත් ජාල රේඛය ඇසුරු කර නොගනිමින් ද සංඛ්‍යාත බහු අස්‍රය ඇඳිය හැක.

පන්ති ප්‍රාන්තර වල තරම සමාන හෝ වෙනස් විට ගත යුතු පියවර ද සාකච්ඡා කර ඇත.

පහත වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 15.2 අභ්‍යාසය කරන්න.

සමුච්ඡිත සංඛ්‍යාත වක්‍රය පිළිබඳව පහත වීඩියෝවෙන් සාකච්ඡා කෙරේ.

මෙය තවත් දත්ත නිරූපන ක්‍රමයකි.

පන්ති ප්‍රාන්තර ලෙස සමූහනය කර ඇති දත්ත සමූහයක චතුර්ථක සහ අංතශ් චතුර්ථක පරාසය සෙවීමට මෙය භාවිත කළ හැක.

පහත වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 15.3 අභ්‍යාසය කරන්න.

දැන් අපි ඊළඟ පාඩමට යමු.