වීජීය පදයකට කලින් තිබෙන අගයට කියන්නේ සංගුණකය කියල. 2y ගත්තොත් 2 තමයි සංගුණකය.දැන් සමගාමී සමීකරණ දෙකක් බලමු.

2a + 3b = 7

5a – 3b = 2

bගෙ සංගුණක සමානයි. සංගුණක සමාන පදය ඉවත් කරල තමයි ගාන පටන්ගන්නේ. ඒකට ප්‍රධන ක්‍රම දෙකයි. සමීකරණ දෙක එකතුකිරීම හෝ සමීකරණයකින් අනෙක අඩු කිරීම.

ඒක තෝරගන්නේ මෙහෙමයි. සමාන සංගුණක වල ලකුණත් සමාන නම් අඩු කරනවා. ලකුණ වෙනස් නම් එකතු කරනවා.

මම දීපු සමීකරණ දෙකේ bගේ සංගුණක සමානයි. නමුත් ලකුණ වෙනස් එකක් +3 අනෙක -3 ඒ නිසා ඒවා එකතු කළ යුතුයි.

භාග සංගුණක සහිත සමගාමී සමීකරණ තමයි 11 වසරේදී කතාකරන්න තියෙන්නේ. පහත වීඩියෝව බලන්නකෝ.

මේක බැලුවට පස්සේ පෙළ පොතේ 13.1 අභ්‍යාසය හදන්න ඕනෑ.

වර්ගපද සහිත සමීකරණයක් වර්ගජ සමීකරණයක් වේ. වර්ගජ සමීකරණයක් විසඳූ විට වීජීය පදය සඳහා පිළිතුරු දෙකක් ලැබේ. අප විශය නිර්දේශය තුල වර්ගජ සමීකරණ විසඳන ආකාර කිහිපයකි.

පහත වීඩියොවෙන් සාකච්ඡා කෙරෙන්නේ එම ආකාර අතරින් එක් ආකාරයකි. a x b = 0 යයි සිතමු. එසේ වීමට නම් එක්කෝ a = 0 විය යුතුය. නැත්නම් b = 0 විය යුතුය. මෙම ක්‍රමයේදී ඉහත තර්කය භාවිතා කෙරේ.

ඒ සඳහා සමීකරණයේ දකුණු පැත්ත 0 කර ගැණීම සහ වම්පස ගුණිතයක් ලබාගැණීම කළයුතු වේ. පහත වීඩියෝව බලන්නකෝ.

මේක බැලුවට පස්සේ පෙළ පොතේ 13.2 අභ්‍යාසයේ 1වන ගණනේ කොටස් ඔක්කොම හදන්න ඕනෑ.

වර්ගජ සමීකරණ විසඳන තව ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ වර්ග පූරණ ක්‍රමය. ඒකෙදි කරන්නේ පූර්ණ වර්ගයක් ගොඩනගා ගැනීම. පහත වීඩියෝව බලන්න.

වීඩියොව බැලුවට පස්සේ පෙළ පොතේ 13.3 අභ්‍යාසය හදන්න.

සූත්‍රය භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳන්න පුලුවන්. ඒක තවත් ක්‍රමයක්.

හැබැයි සූත්‍රය කටපාඩම් කරගන්න වෙනවා. පහත වීඩියෝව බලන්න.

 වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 13.4 අභ්‍යාසය කරන්න.

සාමාන්‍යයෙන් විභාගෙට එන්නේ ලකුණු 10ක් ලැබෙන වගන්ති ගණනක්.

මෙහිදී සමීකරණයක් ගොඩනගා ගන්න වෙනවා. පහත වීඩියෝවේ තියෙනවා සමීකරණයක් ගොඩනැගීම සහ විසඳීම.

වීඩියෝව බැලුවට පස්සේ 13.2 අභ්‍යාසයේ වගන්ති ගණන් ටික හදන්න.

වර්ගජ සමීකරණ විසඳන ක්‍රම 3ක් කතා කළා. ක්‍රම 3ම හරි. ආයේ තර්කයක් නෑ සාධක සෙවීමේ ක්‍රමය තමයි ලේසිම.

නමුත් හැම වර්ගජ ප්‍රකාශනයකම සාධක හොයන්න අපිට බෑ. ඉස්සෙල්ලාම බලන්න සාධක හොයන්න පුලුවන්ද කියල. පුලුවන් නම් එහෙම හදන්න.

සාධක හොයන්න බැරි බව තේරුණොත් වර්ග පූරණ ක්‍රමයට හෝ සූත්‍රයට යන්න. මැද පදයේ සංගුණකය ඔත්තේ උනොත් හෝ වර්ගපදයේ සංගුණකය 1 නොවුනොත් වර්ග පූරණය අමාරුයි.

මොන ක්‍රමයට හැදුවත් විභාගෙදි සමාන ලකුණු ලැබෙනවා.

2016 සිට ඉදිරියට සාමාන්‍ය පෙළට දීපු සියලු සමීකරණ ගණන් හදන්න. සරල සමීකරණ, සමගාමී සමීකරණ සහ වර්ගජ සමීකරණ වලින් ලකුණු 10 ගණන් දෙකක් ඇති 2පත්‍රයේ A කොටසේ.

Live