පෙර දැණුම පිරික්සීමට පහත පරීක්ෂණයට මුහුන දෙන්න. රූපය මත click කරන්න.

බැංකු ගිණුමක මුදල් තැන්පත් කළ විට අපට පොලිය ලැබේ.

ණය මුදලක් ගත් විට පොලිය ගෙවීමට සිදුවේ.

බැංකුවකින් ණය මුදලක් ගත් විට අපි එය කොටස් වශයෙන් ගෙවන්නෙමු. එවිට ණය මුදල ක්‍රමයෙන් අඩු වේ. හීන වේ. ණය මුදල ක්‍රමයෙන් අඩු වන විට පොලියද ක්‍රමයෙන් අඩු වේ. එය හීන වන ශේෂයට පොලිය ලෙස හඳුන්වමු.

මූලික ගෙවීමක් සහිතව හෝ රහිතව ගෙවීමේ ක්‍රමයට භාණ්ඩයක් ගත් විට ගෙවීමට ඉතිරි මුදල ණය මුදලක් බවට පත්වේ. එය අපි වාරික වශයෙන් ගෙවන්නෙමු. එයට ද හීන වන ශේෂයට අනුව පොලිය ගෙවීමට සිදුවේ.

මෙම ක්‍රමය කුළී කිණීමේ ක්‍රමය ලෙස ද හඳුන්වමු.

ණය මුදලින් මසකට ගෙවන කොටස “එක් මසකදී ගෙවන ණය මුදලේ කොටස” ලෙස හැඳින්වෙන අතර, එයට පොලිය එකතු කළ විට “වාරිකය” ලෙස හැඳින්වේ.

එසේ වාරිකයෙන් වාරිකයට පොලිය ගණනය කරන ආකාරය පහත වීඩියෝවේ විස්තර කර ඇත.

නමුත් වාරික ගණන වැඩි වන විට මෙලෙස පොලිය ගණනය කිරීම ප්‍රායෝගික නොවේ.

තවද, වාරිකයෙන් වාරිකය වෙනස් වන විට ණය වූ තැනැත්තාට ද අවුල් සහගත වනු ඇත.

එබැවින් සාමාන්‍යයෙන් කෙරෙන්නේ හීන වන ශේෂ ක්‍රමයට පළමුව මුළු පොලිය ගණනය කර, එය ගෙවීමට ඇති ණය මුදලට එකතු කර, පසුව සමාන ‍වාරික ලැබෙන සේ කොටස් වලට වෙන් කිරීමයි.

ඒ ආකාරයට ‍වාරිකය ගණනය කරන ආකාරය පහත වීඩියෝවෙන් අධ්‍යයනය කරන්න.

ගෙවීමට ඇති වාරිකය, වාරික ගණන සහ ණය මුදල දන්නා විට පොලී අනුපාතිකය සෙවීම පහත වීඩියෝවේ ඇතුලත්ය.

පාඩම අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 9.1 අභ්‍යාසය කරන්න. පිළිතුරුවල නිවරද්‍ය බව පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

බැංකු ගිණුමක මුදල් තැන්පත් කළ විට වරින් වර පොලිය ලෙස ලැබෙන මුදල ද බැංකු ගිණුමට එකතු වේ. එවිට ගිණුමේ ඇති මුදල වැඩි වේ. ලැබෙන පොලිය ද ක්‍රමයෙන් වැඩිවේ.

ණය මුදලක් ලබාගෙන නොගෙවා සිටින විට ද පොලිය එකතු වෙමින් ණය මුදල ක්‍රමයෙන් වැඩිවේ. එයට සාපේක්ෂව පොලිය ද වැඩි වේ.

එම ක්‍රමය වැල් පොලිය ලෙස හඳුන්වමු.

පහත වීඩියෝව අධ්‍යයනය කරන්න.

පාඩම අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 9.2 අභ්‍යාසය කරන්න. පිළිතුරුවල නිවරද්‍ය බව පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

Live

දරුවනේ, අපි ඊළඟ පාඩමට යමු.