සරල සමීකරණ විසඳීම අප මීට පෙර පන්ති වලදී කතා කර ඇත. 

x+5=7 විසඳන විට,

එය විසඳීමට එහි ප්‍රතිලෝම ක්‍රියාව එනම් (දෙපසින්ම) 5ක් අඩු කිරීම කරයි. නමුත් +5 අනෙක් පසට -5 වන බව භාවිතා කරන කෙටි ක්‍රමයයි. කෙටි ක්‍රම භාවිතයේ වරදක් නැත.

භාග සහිත සරල සමීකරණ විසඳීම මෙවර මෙම පාඩමේදී කතා කර ඇත. එහිදී සමාන ලකුණෙන් දෙපස භාග දෙකක් පමණක් පවතින විට හරස් ගුණිතය යොදාගත හැක. භාග ගණන ඊට වැඩි වන විට වීජීය භාග දැණුම භාවිතා කළ හැක.

ඊට අදාල දැණුම සහිත පහත වීඩියෝව හොඳින් අධ්‍යයනය කර පෙළ පොතේ 15.1 අභ්‍යාසය කරන්න.

නොදන්නා පද, වීජීය පද දෙකක් සහ ඒවා අතර සම්බන්ධතා (සමීකරණ) දෙකක් පවතින විට (ඒවා සමගාමී සමීකරණ ලෙස හැඳින්වේ.) එම නොදන්නා පද වල අගය සොයාගැනීම මෙහිදී සාකච්ඡා කෙරේ.

5a වැනි සංඛ්‍යාවක් සැලකූ විට 5 යනු a හි සංගුණකයයි. සමගාමී සමීකරණ විසඳීමේදී සංගුණක සමාන විය යුතුය. නැතහොත් සමාන කරගත යුතුය. ඒ සඳහා බොහෝ සෙයින් කෙරෙන්නේ සමීකරණ යම් අගයකින් ගුණ කිරීමයි.

පහත වීඩියෝව නැරඹූ පසු පෙළ පොතේ 15.2 අභ්‍යාසය කරන්න.

වර්ග පදයක් සහිත සමීකරණයක් වර්ගජ සමීකරණයකි. ඒවා විසඳන ආකාර කිහිපයකි. නමුත් 10 ශ්‍රේණියේදී කථාකෙරෙන්නේ ඒ අතරින් එක් ආකාරයක් පමණි.

a x b = 0 වන්නේ නම්, එක්කෝ a = 0 විය යුතුය. නැත්නම් b = 0 විය යුතුය. මෙම තර්කය දිගටම භාවිතා කර ඇත.

සමීකරණයක් ගොඩනගා විසඳීම ආකාරයේ ගැටලු පෙළ පොතේ අන්තර්ගත නොවූවද වාර විභාග සඳහා නිතරම ලැබෙන්නේ එම ආකාරයේ ගැටලුය. එබැවින් එවැනි ගැටලු දෙකක් වීඩියෝවේ අවසාන කොටසේ ඇතුලත් කර ඇත.

පහත වීඩියෝව බැලූ පසු පෙළ පොතේ 15.3 අභ්‍යාසය කරන්න.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. පරිමිතිය

02. වර්ගඵලය

03. භාග

04. ද්විපද ප්‍රකාශන

05. අංගසාම්‍ය

06. වර්ගඵලය

07. වර්ගජ ප්‍රකාශන වල සාධක

08. ත්‍රිකෝණ I

09. ත්‍රිකෝණ II

10. ප්‍රතිලෝම සමානුපාත

11. දත්ත නිරූපණය

12. වීජීය ප්‍රකාශන වල කුඩාම පොදු ගුණාකාරය

2nd TERM

13. වීජීය භාග

14. ප්‍රතිශත

15. සමීකරණ

16. සමාන්තරාස්‍ර I

17. සමාන්තරාස්‍ර II

18. කුලක

19. ලඝුගණක I

20. ලඝුගණක II

21. ප්‍රස්තාර

22. සීග්‍රතාවය

23. සූත්‍ර

3rd TERM

24. සමාන්තර ශ්‍රේඪි

25. වීජීය අසමානතා

26. සංඛ්‍යාත ව්‍යාප්ති

27. වෘත්තයක ජ්‍යා

28. නිර්මාණ

29. පෘෂ්ඨ වර්ගඵලය හා පරිමාව

30. සම්භාවිතාව

31. වෘත්තයක කෝණ

32. පරිමාණ රූප