සාමාන්‍ය පෙළ ගණිතය

සාමාන්‍ය පෙළ ගණිතය

කව්රුන් සඳහා ද?

කව්රුන් සඳහා ද?

සාමාන්‍ය පෙළ ගණිතය ඉහල සාමාර්ථයක් සහ වාර විභාග සඳහා ඉහල ලකුණු බලාපොරොත්තු වන සිසුන් සඳහාය.

10  ශ්‍රේණිය අවසාන වාරයේ සිට සාමාන්‍ය පෙළ විභාගයට මුහුන දෙන තෙක් සිසුන් සඳහා යෝග්‍ය වේ.

වැඩසටහනෙහි ස්වභාවය

වැඩසටහනෙහි ස්වභාවය

ඔබ සිටින වාරය, ඔබේ ලකුණු මට්ටම අනුව ඔබට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර කට්ටලය තෝරාගන්න. (මේ සඳහා මගපෙන්වීමක් අප (mathematica.lk) විසින් කෙරෙනු ඇත.)

ඔබේ user name සහ password භාවිතයෙන් ඔබේ ගිණුමට පිවිස ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර කට්ටලය download කර මුද්‍රණය කරගන්න.

ලබා දී ඇති නියමිත කාලය තුල ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලියන්න.

නැවතත් ඔබේ ගිණුමට පිවිස ගණනෙහි අදාල පියවර, ඒ ඒ පියවරට අදාල ලකුණු සහිත වීඩියෝ සහිත ලකුණු දීමේ පිළිවෙල අධ්‍යයනය කරමින් ඔබ ලබාගෙන ඇති ලකුණු සම්පූර්ණ කරගන්න.

ඒ අනුව ඔබේ දුර්වල විශය කොටස් හඳුනාගන්න.

අප විසින් ඒ ඒ ගණ‌න සමඟ ලබා දී ඇති පාඩම් මාලා වෙත පිවිස ඔබ ලකුණු අඩුවෙන් ලබාගත් පාඩම් කොටස් අධ්‍යයනය කරන්න.

ඔබ ලකුණු අඩුවෙන් ලබාගත් ගණිත ගැටලු නැවත විසඳන්න.

දැන් ඔබට ඔබ වෙනුවෙන් නිර්දේශිත ඊළඟ ප්‍රශ්න පත්‍ර කට්ටලය ලබාගැණීමට සුදුසු අවස්ථාවයි.

මෙසේ සාර්ථකත්වය කරා යන්න.

ප්‍රශ්න පත්‍රවල ස්වභාවය

ප්‍රශ්න පත්‍රවල ස්වභාවය

ප්‍රශ්නපත්‍ර කට්ටලයකට පළමු සහ දෙවන ප්‍රශ්න පත්‍රය බැගින් ඇතුලත් වේ.

සියලු ප්‍රශ්න පත්‍ර අ.පො.ස. සාමාන්‍ය පෙළ ආකෘතියට අනුව සකසා ඇත.

පාසල් ගණිතය ගුරුවරයෙකු ලෙස සහ සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස ලද අත්දැකීම් මෙම ප්‍රශ්නපත්‍ර සැකසීම සඳහා දායක කරගතිමි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබාදෙන නිර්ණායක සහ නියමයන්ට අනුව සියලු ප්‍රශ්නපත්‍ර සැකසී ඇත.

ඔබේ පිළිතුරු ඇගයීම සහ ලකුණු ලබා දීම

ඔබේ පිළිතුරු ඇගයීම සහ ලකුණු ලබා දීම

පිළිතුරු සාකච්ඡා කිරීම සඳහා එක් එක් පියවර සඳහා ලැබෙන ලකුණු සහිතව විස්තරාත්මක වීඩියෝ සකසා ඇත.

එය එක් කට්ටලයකට වීඩියෝ 22ක් සහිත අංග සම්පූර්ණ වැඩපිළිවෙලකි.

අදාල කාලය තුල ඔබට අවශ්‍ය ඕනෑම වාර ගණනක් එම වීඩියෝ අධ්‍යයනය කිරීමට අවසර ඇත.

එකම ගැටළුව විසඳිය හැකි විවිධ ආකාර සාකච්ඡා කර ඇත.

සාමාන්‍ය පෙළ පිළිතුරුපත් සමීක්ෂණයේ දී ලකුණු ලැබෙන/නොලැබෙන අවස්ථා සාකච්ඡා කර ඇත.

දුර්වල බව හඳුනාගත් විශය කොටස් අධ්‍යයනය

දුර්වල බව හඳුනාගත් විශය කොටස් අධ්‍යයනය

පිළිතුරු සාකච්ඡා කිරීම සඳහා ලබා දී ඇති වීඩියෝවලට පහලින් එක් එක් ගැටලුවට අදාල පාඩම අධ්‍යයනය කිරීමට පිවිසිය යුතු link එක ඇත. ඒ ඔස්සේ පාඩමට පිවිසෙන්න.

එහිදී ඔබට ලැබෙන පාඩමට අදාල දැනුම ඇතුලත් *සටහන්, *ටියුට්, *පාඩම විස්තර කෙරෙන වීඩියෝ* සහ *එම පාඩමට අදාලව පසුගිය සාමාන්‍ය පෙළ ගැටලු විසඳන ආකාර සහ ඒවාට ලකුණු ලබා දී ඇති ආකාර ඇතුලත් විස්තරාත්මක වීඩියෝ* අධ්‍යයනය කරන්න.

ගුරුවරයා

ගුරුවරයා

ප්‍රමුඛ ජාතික පාසලක සේවයේ නියුතු පළපුරුදු පාසල් ගුරුවරයෙකි.

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකි. ප්‍රශ්න පත්‍ර සැකසීමට දායක වන ගුරුවරයෙකි.

පෙළ පොත් සැකසීමට දායක වන ගුරුවරයෙකි.

සාමාන්‍ය පෙළ ඉහල ප්‍රතිඵල වෙත දරුවන් මෙහෙයවූ ගුරුවරයෙකි.

රූපවාහිණී අධ්‍යාපනික වැඩසටහන් (ජාතික රූපවාහිණී, ස්වර්ණවාහිණී, Channel Eye) නිර්මාණය කරන්නෙකි. ඉදිරිපත් කරන්නෙකි.