අය ගණන් සමූහයක වැඩිතම අගයත් අඩුතම අගයත් අතර පරතරය පරාසය ලෙස හැඳින්වේ.

ආරෝහණ පිළිවෙලට සකස් කළ දත්ත සමූහයක මැද පිහිටන දත්තය මධ්‍යස්ථය වේ.

දත්ත සමූහයක සාමාන්‍යය ගණිතයේ දී මධ්‍යයනය ලෙස හැඳින්වේ. දත්ත සියල්ලෙහි එකතුව දත්ත ගණනින් බෙදීමෙන් එය ලබාගත හැක.

අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ඇසුරෙන් පරාසය, මාතය, මධ්‍යස්ථය සහ මධ්‍යන්‍යය ලබාගැනීම පිළිබද තොරතුරු මෙම වීඩියෝවේ ඇතුලත්ය.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 28.1 අභ්‍යාසය කරන්න.

28.1 අභ්‍යාසය කළ පසු පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂාකිරීමට පහත වීඩියෝව යොදාගන්න.

පන්ති ප්‍රාන්තරයක තිබිය හැකි එකිනෙකට වෙනස් පූර්ණ සංඛ්‍යා ගණන පන්ති ප්‍රාන්තරයක තරම වේ.

දත්ත සමූහයක් පන්ති ප්‍රාන්තර අනුව වෙන්කර වගුගත කිරීම පහත වීඩියෝවේ සාකච්ඡා කර ඇත.

මේ සඳහා අවශ්‍ය පන්ති ප්‍රාන්තරයක තරම දන්නේ නම් තිබිය යුතු පන්ති ප්‍රාන්තර ගණන අප විසින් තීරණය කළ යුතුය.

අවශ්‍යය පන්ති ප්‍රාන්තර ගණන දන්නේ නම් තිබිය යුතු පන්ති ප්‍රාන්තරයක තරම අප විසින් තීරණය කළ යුතුය.

එසේ පන්ති ප්‍රාන්තර සකස් කළ හැකි ආකාරද කිහිපයකි.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 28.2 අභ්‍යාසය කරන්න.

28.2 අභ්‍යාසය කළ පසු පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂාකිරීමට පහත වීඩියෝව යොදාගන්න.

ඉහත පරිදි ප්‍රාන්තර සහිතව වගුගත කළ විට වැඩිම දත්ත ගණනක් පිහිටන පන්තිය මාත පන්තිය වේ.

මධ්‍යස්ථය යම් පන්තියක් තුල පිහිටියේද, එය මධ්‍යස්ථ පන්තිය වේ.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 28.3 අභ්‍යාසය කරන්න.

28.3 අභ්‍යාසය කළ පසු පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂාකිරීමට පහත වීඩියෝව යොදාගන්න.

ජාතික රූපවාහිණිය සහ ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන් අප විසින් නිර්මාණය කර ඉදිරිපත්කරන ලද දත්ත නිරූපණය සහ අර්ථකථනය සම්පූර්ණ පාඩම පහත ඇත.

මෙය ජාතික අධ්‍යාපන ආයතනයෙහි ගුරුගෙදර YouTube නාලිකාවෙන් උපුටාගන්නා ලදී.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය