ආරම්භ කරමු

උපදෙස් වීඩියෝ බලමින් පියවර සියල්ල පිළිවෙලින් සම්පූර්ණ කරන්න. 

ගැටලු මතුවන්නේ නම් 0716349257 අංකයෙන් WhatsApp පණිවිඩයක් මගින් විමසන්න.

1 පියවර

දී ඇති බොත්තම භාවිතයෙන් (හෝ ප්‍රධාන මෙනුවෙහි Register Here භාවිතයෙන්) සාමාජික ගිණුමක් අරඹන්න. මේ සඳහා ඔබට ඔබේ නම, පදිංචි නගරය, දුරකථන අංකයක්, E-mail ලිපිනයක් ඇතුලත් කරන්නට වේවි.

User name සහ Password සඳහා ඔබට අමතක නොවන පද දෙකක් ඇතුලත් කරන්න.

මේ සඳහා මුදලක් වැය නොවේ. මෙය එක් වරක් පමණක් කළ යුතු කාර්යයකි.

2 පියවර

දී ඇති බොත්තම භාවිතයෙන් ඔබේ අවශ්‍යතාවයට අනුව ඔබට ගැලපෙන ප්‍රශ්න පත්‍ර කට්ටල තොරාගන්න.

3 පියවර

ප්‍රධාන මෙනුවෙහි Shop වෙත ගොස් හෝ මෙම පිටුවේ පහතින් ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර කට්ටල අතරින් පළමු කට්ටලය සඳහා මුදල් ගෙවන්න. (එක් කට්ටලයක් සඳහා රු.150කි.)

4 පියවර

කුඩා කාලයකදී (පැය 24ක් පමණ) ඔබට ප්‍රශ්න පත්‍රය සඳහා අවසර ලැබෙනු ඇත.

ඉන් පසු දී අති බොත්තම භාවිතයෙන් (හෝ ප්‍රධාන මෙනුවෙහි Member Login භාවිතයෙන්) username, password ලබා දී ගිණුමට log වන්න.

5 පියවර

ලබාගත් ප්‍රශ්න පත්‍ර දෙක download කර print කරගන්න.

ඒ ඒ පත්‍රයට නියමිත කාලය තුල තනිව පිළිතුරු ලියන්න.

වීඩියෝ සහිත පිළිතුරු අධ්‍යයනය කරන්න. පියවරෙන් පියවරට ලකුණු සටහන් කරගන්න.

ළකුණු අඩුවෙන් ලබාගත් දුර්වල කොටස් හඳුනාගන්න.

වීඩියෝවලට පහලින් ඇති ලින්ක් ඔස්සේ ගොස් එම විෂය කොටස් ඇතුලත්  (වීඩි‍යෝ, ටියුට් සහිත) පාඩම් අධ්‍යයනය කරන්න. (මේ සඳහා ඔබට සති දෙකක කාලයක් ලැබෙනු ඇත.)

වැරදුණු ගණන් නැවත හදන්න.

ඔබ තෝරාගත් ප්‍රශ්න පත්‍ර කට්ටල අතරින් පළමු කට්ටලය සඳහා මුදල් ගෙවන්න.

  • All
  • 01
  • OL Paper Discussion
  • All
  • 01
  • OL Paper Discussion