නිර්මාණ

ත්‍රිකෝණයක ශීර්ෂ තුන හරහා යන වෘත්තය පරිවෘත්තය වේ.

එහි කේන්ද්‍රය පරිකේන්ද්‍රය වේ.

සුලු කෝණික ත්‍රිකෝණයකදී ත්‍රිකෝණය තුලද, මහා කෝණික ත්‍රිකෝණයකදී ත්‍රිකෝණයෙන් පිටතද, ඍජු කෝණිත ත්‍රිකෝණයකදී කර්ණය මතද පරිකේන්ද්‍රය පිහිටයි.

ත්‍රිකෝණයක පාද තුන ත්‍රිකෝණයට ඇතුලතින් ස්පර්ශ කරන වෘත්තය අන්තර් වෘත්තය වේ.

එහි කේන්ද්‍රය අන්තර් කේන්ද්‍රය වේ.

ත්‍රිකෝණයක පාද තුන ත්‍රිකෝණයට පිටතින් ස්පර්ශ කරන වෘත්තය අන්තර් වෘත්තය වේ.

එහි කේන්ද්‍රය බහිර් කේන්ද්‍රය වේ.

ත්‍රිකෝණයකට බහිර් වෘත්ත තුනක් ඇඳිය හැක.

වෘත්තයක් මත පිහිටි ලක්ෂ්‍යයකදී අරයට ලම්භකව අඳින රේඛාව වෘත්තය ස්පර්ශ කරයි.

වෘත්තයකට අඳින ස්පර්ශකය ස්පර්ශක ලක්ෂ්‍යයේදී අඳින අරයට ලම්භ වේ.