Terms and Conditions සෑම විටම ඔබට උපරිම සේවයක් ලබාදීමට mathematica.lk බැඳී සිටියි. ඔබ වෙබ් අඩවිය වෙත ලබාදෙන සියලු තොරතුරුවල පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බවට mathematica.lk ඔබට පොරොන්දු වේ. පොත් හෝ මුද්‍රිත නිබන්ධන තැපැල් මගින් ගෙන්නාගන්නා විට, ඒවා ඔබ ඇනවුම් කළ පසු වැඩ කරන දින දෙකක් ඇතුලත තැපෑලට යොමු කෙරෙනු ඇත. සෑම විටම නිවැරදි තොරතුරු සැපයීම ඔබගේ වගකීම වේ. වැරදි තොරතුරු ඇතුලත් කිරීම නිසා ඇතිවන ගැටලු සඳහා mathematica.lk වගකියනු නොලැබේ. යම් පන්තියකට ඇතුලත් වූ පසු ඔබට සැපයෙන ඊට අදාල සේවාවන් එයට අදාල කාලය අවසන් වීමත් සමඟම අවසන් වනු ඇත. mathematica.lk හි ඇති සියලු දෑ හි අයිතිය mathematica.lk සතු වන අතර වීඩියෝ බාගත කිරීම හෝ යම් වෙනස්කමකට භාජනය කිරීම ඔබ විසින් නොකළ යුතුය. අප වෙතින් ලබාගන්නා පොත්, නිබන්ධන හෝ ප්‍රශ්නපත්‍ර මුද්‍රණය කිරීම හෝ කුමන අයුරකින් හෝ පිටපත් කිරීම ඔබ විසින් නොකළ යුතුය. ඔබ විසින් භාවිතා කරන username සහ password ඔබ සඳහාම වන අතර, ඒවා වෙනත් අයෙකු විසින් භාවිතා කිරීමට උත්සාහ කිරීමෙන් ඔබේ ගිණුම අක්‍රිය වනු ඇත. ඔබ විසින් භාවිතා කරන username සහ password මතක තබාගැණීම ඔබ සතු වගකීමකි.