Paper 2

මෙම පත්‍රයට පිළිතුරු සැපයීමට පැය තුනක් ඔබට ලැබේ. ප්‍රශ්න තෝරාගැණීම සඳහා මිනිත්තු දහයක අමතර කාලයක් ලැබේ.

ලකුණු 10 බැගින් ලැබෙන ප්‍රශ්න 10කි. ඉන් 4ක් ව්‍යුහගත නොවන ප්‍රශ්න වේ.

යම් ප්‍රශ්නයක් අනු කොටස් වලට වෙන්කර ඇති විට එය ව්‍යුහගත ප්‍රශ්නයක් ලෙස හැඳින්වේ. 2015 දී ජාතික අධ්‍යාපන ආයතනය ලබාදුන් නිර්දේශයන්ට අනුව ව්‍යුහගත ප්‍රශ්නයක උපරිම කොටස් ගණන 5ක් විය යුතු අතර අවමය 3කි. එවිට, ව්‍යුහගත නොවන ප්‍රශ්නයක් යනු කොටස් 2ක් සහිත හෝ කොටස් නොමැති ප්‍රශ්න වේ.

එක් ප්‍රශ්නයක් සඳහා ලකුණු 10කි.

යම් කොටසක් සඳහා පියවර ලියා ලියා නැති විට මුළු ලකුණු නොලැබෙන බැවින් පියවර ලිවීම අත්‍යවශ්‍ය වේ.

පිළිතුරක වැරදි ඒකක තිබේ නම් හෝ ඒකක නොමැති නම් ලකුණක් අඩු වන බැවින් ඒකක ලිවීම අත්‍යවශ්‍ය වේ.

පළමුව ලබා දී ඇති මිනිත්තු 10 තුල පිළිතුරු සැපයීමට සුදුසු ප්‍රශ්න තෝරාගන්න. උපදෙස් බලන්න.

පහසුම ප්‍රශ්නයේ සිට පිළිතුරු ලිවීම අරඹන්න. ක්‍රමයෙන් අපහසු ප්‍රශ්න තෙක් යන්න. ගැටලු විසඳීමේ පිළිවෙල එලෙස සකසාගන්න.

එක් ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලිවීමට ගතහැකි උපරිම කාලය මිනිත්තු 15කි.

මිනිත්තු 15කදී අවසන් කළ නොහැකි විට එම ගණන තාවකාලිකව නවතා තෝරාගත් ඊළඟ ගණනට යන්න.

යම් ගණනක් අතරමග දී පහසුවෙන් විසඳිය නොහැකි යයි දැණෙන විට එම ගණන තාවකාලිකව නවතා තෝරාගත් ඊළඟ ගණනට යන්න.

යම් ගණනක් මිනිත්තු 15ට කලින් අවසන් කළ විට ඊළඟ ගණනට යන්න.

කටු සහිත ඔරලොසුවක් භාවිතයෙන් මෙහි දැක්වෙන ආකාරයට ගතවන කාලය ගණනය කරන්න. උපදෙස් බලන්න.

එක් කොලයක එක් ගණනක් පමණක් සාදන්න. සෑම අලුත් ගණනක්ම අලුත් කොලයකින් පටන්ගන්න.

මේ ආකාරයට ගටලු 10ටම පිළිතුරු සපයා අවසාන වන විට ඔබට මිනිත්තු 30ක් හෝ ඊට වැඩි කාලයක් ඉතිරිවනු ඇත. තාවකාලිකව නවතා පැමිණි ගැටලු වෙත නැවත යොමුවන්න.

මේ ආකාරයට ගටලු 10ටම පිළිතුරු සපයා අවසාන වන විට ඔබට මිනිත්තු 30ක් හෝ ඊට වැඩි කාලයක් ඉතිරිවනු ඇත. තාවකාලිකව නවතා පැමිණි ගැටලු වෙත නැවත යොමුවන්න.

විසඳූ ගැටලුවල හරි වැරදි බලන්න.

තවත් වේලාව ඉතිරි නම් ඉතිරි ගණනක් සෑදීමේ වරදක් නැත. නමුත් ඔබට ලකුණු ලැබෙන්නේ ගැටලු 10ක් සඳහා පමණි.

Part 1A

ව්‍යුහගත නොවන ප්‍රශ්න 2කි.

වීජ ගණිතය ගැටලු 3කි. ඒ අතරින් එකක් ව්‍යුහගත නොවන ප්‍රශ්නයකි.

Part 1B

ව්‍යුහගත නොවන ප්‍රශ්න 2කි.

ජ්‍යාමිතිය ගැටලු 3කි. ඒ අතරින් එකක් ව්‍යුහගත නොවන ප්‍රශ්නයකි.