Paper 1

මෙම පත්‍රයට පිළිතුරු සැපයීමට පැය දෙකක් ඔබට ලැබේ.

සියලු ප්‍රශ්න සඳහා එම පත්‍රයේම පිළිතුරු සපයන්න.

ප්‍රශ්න තොරාගත යුතු නැති බැවින් මුල් ප්‍රශ්නයේ සිට පිළිවෙලින් සියලු ප්‍රශ්න සඳහා ඔබට හැකි උපරිම වේගයෙන් පිළිතුරු සපයන්න. පිළිතුර සැනින් නොලැබෙන විට එම ගැටලු අතහැර ඉදිරියට යන්න. අවසානය තෙක් යන්න.

නැවත මුලට එන්න. අතහැරි ගණන් හදමින් ඉදිරියට යන්න. එම ගැටලු සඳහා පෙරට වඩා වැඩි කාලයක් වැය කරන්න. ඇතැම් ගැටලු දෙවන අවස්ථාවේදීත් නොහැකි වනු ඇත. අතහැර යන්න.

තෙවන වතාවෙත් ඉදිරියට යන්න.

අත්‍යවශ්‍ය ඉගෙණුම් සංකල්ප මත පමණක් පදනම්ව 1වන ප්‍රශ්නපත්‍රය ගැටලු නිර්මාණය වේ.

අත්‍යවශ්‍ය ඉගෙණුම් සංකල්ප 2015 වසරේදී හඳුන්වා දෙන ලදී. (වැඩි තොරතුරු පහත ඇත.)

Part 1A

සංඛ්‍යා තේමාවෙන් ගැටලු 4ක් ද, මිණුම් තේමාවෙන් ගැටලු 4ක් ද, වීජ ගණිතයෙන් ගැටලු 6ක් ද, ජ්‍යාමිතියෙන් ගැටලු 8ක්ද, කුලක සම සම්භාවිතාවයෙන් ගැටලු 2ක් ද, සංඛ්‍යානයෙන් ගැටලු 1ක් ද ආදී වශයෙන් ගැටලු 25කි.

පිළිතුර පමණක් ලියූවද මුළු ලකුණු (එනම් ලකුණු 2ක්) ලැබේ. නමුත් මුල් පියවර සඳහා ලකුණක් ලැබෙන බැවින් පියවර ලියා තිබීම (පිළිතුර නිවැරදි නොවන විටක) ඔබට වාසි දායක වනු ඇත.

පිළිතුරක වැරදි ඒකක තිබේ නම් ලකුණක් අඩු වනු ඇත.

ජ්‍යාමිතය ගැටලු විසඳීමේ දී හේතු ලිවීම අවශ්‍ය නොවේ.

Part 1B

එක් ප්‍රශ්නයක් සඳහා ලකුණු 10කි.

යම් කොටසක් සඳහා පියවර ලියා ලියා නැති විට මුළු ලකුණු නොලැබෙන බැවින් පියවර ලිවීම අත්‍යවශ්‍ය වේ.

පිළිතුරක වැරදි ඒකක තිබේ නම් හෝ ඒකක නොමැති නම් ලකුණක් අඩු වන බැවින් ඒකක ලිවීම අත්‍යවශ්‍ය වේ.

ජ්‍යාමිතිය සහ වීජ ගණිතය යන තේමා වලින් ගැටලු නොලැබේ.