A සාමාර්ථයක් සඳහා

විශ්වාසනීය මගපෙන්වීමක්...

පන්තියෙහි ස්වභාවය

A සාමාර්ථයක් සඳහා විශ්වාසනීය මගපෙන්වීමක්...

පන්තියෙහි ස්වභාවය

A සාමාර්ථයක් සඳහා විශ්වාසනීය මගපෙන්වීමක්...

පන්තියෙහි ස්වභාවය

මෙය අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසු සිසුවියන් වෙනුවෙන් සැකසූ ඉලක්කගත වැඩපිළිවලකි.

මෙහිදී අප ඉලක්ක ප්‍රශ්නපත්‍ර කට්ටල දහයකට (එනම් පළවන පත්‍ර දහයකට සහ දෙවන පත්‍ර දහයකට) පිළිතුරු සපයන්නෙමු.

ප්‍රශ්නපත්‍ර කට්ටල දහයක් සහිත පාර්සලය ඔබේ නිවසටම තැපෑලෙන් ලැබෙනු ඇත. එහිදී ඔබට මාස තුනක පන්ති සාමාජිකත්වය ද ලැබෙනු ඇත. ඊට අදාල වීඩියෝ අධ්‍යයනය කිරීමේ අවසරය ද ලැබෙනු ඇත.

mathematica.lk ප්‍රශ්නපත්‍ර පන්තියෙහි සාමාජිකත්වය ලබාගන්නා ඔබට සාමාන්‍ය පෙළ ලකුණු දීමේ පටිපාටියට අනුව ඔබේ පිළිතුරු සාකච්ඡා කිරීමට ද, ඒ ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරු ලබාදිය හැකි විවිධ ක්‍රම හඳුනා ගැණීමට ද, ඒ අනුව ඔබගේ ලකුණු මට්ටම මැන බැලීමට ද අවස්ථාව උදාවනු ඇත.

මුද්‍රිත ප්‍රශ්නපත්‍ර කට්ටලය

මෙය අ.පො.ස. සා.පෙළ ආකාරයට සැකසූ මුද්‍රිත ප්‍රශ්නපත්‍ර කට්ටලයකි.

ගණිතය ගුරුවරයෙකු ලෙස වසර තිහක සහ සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරයෙකු ලෙස වසර දහයක ලද අත්දැකීම් මෙම ප්‍රශ්නපත්‍ර සැකසීම සඳහා දායක කරගතිමි.

ජාතික අධ්‍යාපන ආයතනය විසින් ලබාදෙන නිර්ණායක සහ නියමයන්ට අනුව සියලු ප්‍රශ්නපත්‍ර සැකසී ඇත.

පිළිතුරු සාකච්ඡා කිරීම

පිළිතුරු සාකච්ඡා කිරීම සඳහා එක් එක් පියවර සඳහා ලැබෙන ලකුණු සහිතව විස්තරාත්මක වීඩියෝ සකසා ඇත.

එකම ගැටළුව විසඳිය හැකි විවිධ ආකාර සාකච්ඡා කර ඇත.

සාමාන්‍ය පෙළ පිළිතුරුපත් සමීක්ෂණයේ දී ලකුණු ලැබෙන/නොලැබෙන අවස්ථා සාකච්ඡා කර ඇත.

එය වීඩියෝ 220ක් සහිත අංග සම්පූර්ණ වැඩපිළිවෙලකි.

ඔබට අවශ්‍ය ඕනෑම වාර ගණනක් එම වීඩියෝ අධ්‍යයනය කිරීමට අවසර ඇත.

ඔබ මේ වනවිට අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කර ඇත්නම් ප්‍රධාන මෙනුවෙහි Member Login වෙත ගොස් Username සහ Password ලබා දී LOG IN වන්න. දෙවනුව ප්‍රධාන පිටුව (Home) වෙත ගොස් ගණිත පාසලට නැවත ඇතුලුවන්න.

මාස තුනක කාලය අවසන් වූ පසු අවශ්‍ය නම් තවත් මාස තුනක් කාලය දීර්ඝ කරගන්න. මේ ඔස්සේ යන්න.