කෝණයක බාහු, ශීර්ෂය පිළිබඳව නැවත මතක් කරමු.

කෝණයක නම සහ කෝණයක වර්ගය යනු එකිනෙකට වෙනස් තේරුම් දෙකකි.

එකතුව අංශක 90 වන කෝණ යුගලයක් අනුපූරක කෝණ යුගලයකි. අංශක 90 වීම සඳහා යම් කෝණයකට එකතු කළ යුතු කෝණය එම කෝණයේ අනුපූරකය ලෙස හැඳින්වේ.

එකතුව අංශක 180 වන කෝණ යුගලයක් පරිපූරක කෝණ යුගලයකි. අංශක 180 වීම සඳහා යම් කෝණයකට එකතු කළ යුතු කෝණය එම කෝණයේ පරිපූරකය ලෙස හැඳින්වේ.

පෙළ පොතේ 3.1 අභ්‍යාසය ඇසුරෙන් ඉහත කරුණු අධ්‍යයනය කරමු.

බද්ධ කෝණ යුගලයක පහත ලක්ෂණ ඇත.

i) පොදු ශීර්ෂයක් ඇත.

ii) පොදු බාහුවක් ඇත.

iii) පොදු බාහුව දෙපස පිහිටයි.

සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 180 වේ.

පෙළ පොතේ 3.2 අභ්‍යාසය ඇසුරෙන් ඉහත කරුණු අධ්‍යයනය කරමු.

ලක්ෂ්‍යයක් වටා පිහිටි බද්ධ කෝණවල එකතුව අංශක 360 වේ.

පෙළ පොතේ 3.3 අභ්‍යාසය ඇසුරෙන් ඉහත කරුණු අධ්‍යයනය කරමු.

සරල රේඛා දෙකක් එකිනෙක ඡේදනය වීමෙන් ප්‍රතිමුඛ කෝණ සෑදේ. ඒවා සමාන වේ.

පෙළ පොතේ 3.4 අභ්‍යාසය ඇසුරෙන් ඉහත කරුණු අධ්‍යයනය කරමු.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. පරිමිතිය

03. කෝණ

04. සදිශ සංඛ්‍යා

05. වීජීය ප්‍රකාශන

06. ඝන වස්තු

07. සාධක

08. වර්ගමූලය

09. ස්කන්ධය

10. දර්ශක

2nd TERM

11. සමමිතිය

12. ත්‍රිකෝණ

13. භාග I

14. භාග II

15. දශම

16. අනුපාත

17. සමීකරණ

18. ප්‍රතිශත

19. කුලක

20. වර්ගඵලය

21. කාලය

3rd TERM

22. පරිමාව සහ ධාරිතාව

23. වෘත්තය

24. ස්ථානයක පිහිටීම

25. සංඛ්‍යා රේඛාව සහ කාටිසීය තලය

26. ත්‍රිකෝණ නිර්මාණය

27. දත්ත නිරූපණය සහ අර්ථකථනය

28. පරිමාණ රූප

29. සම්භාවිතාව

30. ටෙසලාකරණය