සරල රේඛා දෙකක් එකිනෙක හමුවීමෙන් කෝණයක් සෑදේ. ඒ අනුව බලනවිට කෝණයක් යනු හැඩයකි.

කෝණයක් ගැන කතාකිරීමේදී එම සරල රේඛා බාහු ලෙස හඳුන්වමු. සරල රේඛා හමුවන ලක්ෂ්‍යය ශීර්ෂය වේ.

බාහු අතර පරතරය වෙනස් නොවන කෝණ එනම් ප්‍රමාණය ස්ථාවර කෝණ ස්ථිතික ස්වභාවයක් ඇති කෝණ වේ.

බාහු අතර පරතරය වෙනස් වන කෝණ ගතික ස්වභාවයක් ඇති කෝණ වේ.

පෙළ පොතේ 9.1 අභ්‍යාසය ඇසුරෙන් අපි මේ පිළිබඳව තවදුරටත් හදාරමු.

බාහු යනු සරල රේඛා කොටස් (ඛණ්ඩ) වේ. සරල රේඛා ඛණ්ඩයක් අපි ඉංග්‍රීසි කැපිටල් අකුරු දෙකකින් නම් කරමු.

ශීර්ෂය යනු ලක්ෂ්‍යයකි. ලක්ෂයක් කැපිටල් අකුරකින් නම් කරමු. ශීර්ෂය සරල රේඛා ඛණ්ඩ දෙකටම පොදු ලක්ෂ්‍යයකි.

ඒ අනුව කෝණයක් නම් කිරීමට ඉංග්‍රීසි කැපිටල් අකුරු 3ක් අවශ්‍ය වේ.

පෙළ පොතේ 9.2 අභ්‍යාසය ඇසුරෙන් අපි මේ පිළිබඳව තවදුරටත් හදාරමු.

බාහුවල දිග අනුව කෝණයේ ප්‍රමාණය (විශාලත්වය) වෙනස් නොවේ. කෝණයේ බාහු අතර පරතරය වෙනස් කරන විට කෝණයේ ප්‍රමාණය ද වෙනස් වේ.

කෝණයක විශාලත්වය මැණීමට කෝණම‍ාණය භාවිතා කරමු.

පෙළ පොතේ 9.3 අභ්‍යාසය ඇසුරෙන් අපි මේ පිළිබඳව තවදුරටත් හදාරමු.

කෝණමාණය භාවිතයෙන් කෝණ ඇඳීම පිලිබඳව පෙළ පොතේ 9.4 අභ්‍යාසය ඇසුරෙන් හදාරමු.

කෝණ, ඍජු කෝණ, මහා කෝණ, සරල කෝණ සහ පරාවර්ත කෝණ ලෙස විශාලත්වය අනුව අපි කෝණ වර්ග කරමු.

පරාවර්ත කෝණ කෝණමාණය භාවිතයෙන් එකවර ඇඳිය නොහැකි බැවින් ඒ සඳහා උපක්‍රම භාවිතා කරමු.

අවශ්‍ය කෝණය (කෝණය අංශක 250 යයි ගනිමු.) අංශක 360න් අඩුකර (360-250=110) ලැබෙන පිළිතුරට අදාල කෝණය ඇඳ, එහි අනෙක් පස අදාල කෝණය ලෙස සැලකීම එක් ක්‍රමයකි.

අවශ්‍ය කෝණයෙන් (කෝණය අංශක 250 යයි ගනිමු.) අංශක 180ක් අඩුකර (250-180=70) ලැබෙන පිළිතුරට අදාල කෝණය ඇඳ, එය අංශක 180කට යා කිරීමෙන් අදාල කෝණය ලබාගැණීම තවත් ක්‍රමයකි.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. ද්‍රව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව