සංඛ්‍යා රේඛාව භාවිතයෙන් ධන සංඛ්‍යා දෙකක් එකතුකිරීමේදී 0න් ආරම්භ කරමු. පළමු ධන සංඛ්‍යාව වෙනුවෙන් දකුණු දෙසට යමු. දෙවෙනි ධන සංඛ්‍යාව වෙනුවෙන් එතැනින් නැවත දකුණට යමු.

අවසාන නැවතුම පිළිතුර වේ.

පෙළ පොතේ 8.1 අභ්‍යාසය ඇසුරෙන් එම දැණුම අත්හදාබලමු.

සංඛ්‍යා රේඛාව භාවිතයෙන් ඍණ සංඛ්‍යා දෙකක් එකතුකිරීමේදී 0න් ආරම්භ කරමු. පළමු ඍණ සංඛ්‍යාව වෙනුවෙන් වම් පැත්තට යමු. දෙවෙනි ඍණ සංඛ්‍යාව වෙනුවෙන් එතැනින් නැවත වම් පැත්තට යමු.

අවසාන නැවතුම පිළිතුර වේ.

පෙළ පොතේ 8.2 අභ්‍යාසය ඇසුරෙන් එම දැණුම අත්හදාබලමු.

සංඛ්‍යා රේඛාව භාවිතයෙන් ධන සහ ඍණ සංඛ්‍යා දෙකක් එකතුකිරීමේදී 0න් ආරම්භ කරමු. ඍණ සංඛ්‍යාව වෙනුවෙන් වම් පැත්තට යමු. ධන සංඛ්‍යාව වෙනුවෙන් දකුණු පැත්තට යමු.

අවසාන නැවතුම පිළිතුර වේ.

පෙළ පොතේ 8.3 අභ්‍යාසය ඇසුරෙන් එම දැණුම අත්හදාබලමු.

සමාන ලකුණ සහිත සංඛ්‍යා දෙකක් එකතු කිරීමේදී සංඛ්‍යා දෙකෙහි එකතුව අදාල ලකුණ සහිතව ලියන්න.

(+5)+(+3)=(+8)

(-5)+(-3)=(-8)

ඒ පිලිබඳව තවදුරටත් පෙළ පොතේ 8.4 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

ලකුණ අසමාන විට ලකුණ නොසලකා වඩා විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරන්න. පිළිතුරට විශාල සංඛ්‍යාවේ ලකුණ යොදන්න.

(-5)+(+3)=(-2)

(+5)+(-3)=(+2)

ඒ පිලිබඳව තවදුරටත් පෙළ පොතේ 8.5 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

භාග සහ දශම සහිත ගැටලු තවදුරටත් පෙළ පොතේ 8.6 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු.

අපි දැන් මිස්‍ර අභ්‍යාසය කරමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සමමිතිය

02. කුලක

03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම

04. සාධක හා ගුණාකාර

05. දර්ශක

06. කාලය

07. සමාන්තර සරල රේඛා

08. සදිශ සංඛ්‍යා

09. කෝණ

2nd TERM

10. භාග

11. දශම

12. වීජීය ප්‍රකාශන

13. ස්කන්ධය

14. සරල රේඛීය තල රූප

15. සමීකරණ සහ සූත්‍ර

16. දිග

17. වර්ගඵලය

18. වෘත්ත

19. පරිමාව

20. දුව මිණුම්

3rd TERM

21. අනුපාත

22. ප්‍රතිශත

23. කාටිසීය තලය

24. සරල රේඛීය තල රූප නිර්මාණය

25. ඝන වස්තු

26. දත්ත නිරූපණය සහ අර්ථකථනය

27. පරිමාණ රූප

28. ටෙසලාකරණය

29. සිදුවීමක විය හැකියාව