ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) කිතු උපතින් ආරම්භ වේ. බුද්ධ වර්ෂ බුද්ධ පරිනිර්වාණයෙන් ආරම්භ වේ. තවත් බොහෝ ශාස්තෘවරුන්ගේ උපත හෝ විපත පදනම් කරගෙන විවිධ වර්ෂ ක්‍රම පවතී. නමුත් අපි ලොව බහුලව භාවිතා වන ක්‍රිස්තු වර්ෂ ඇසුරෙන් පාඩම ගොඩනගමු. පහසුව සඳහා අපි වර්ෂ දහයේ ගොඩවල් වලට මෙම වර්ෂ බෙදාගමු. එලෙස බෙදාගන්නා වර්ෂ දහයේ ගොඩක් දශකයක් ලෙස හැඳින්වේ. ක්‍රි.ව. 1 සිට ක්‍රි.ව. 10 තෙක් පළමු දශකයයි. ක්‍රි.ව. 11 සිට ක්‍රි.ව. 20 තෙක් දෙවන දශකයයි. ඒ ආකාරයට ක්‍රි.ව. 2021 සිට ක්‍රි.ව. 2030 තෙක් 203 වන දශකයයි. 2021-01-01 දින එම දශකයේ ආරම්භක දිනය වන අතර 2030-12-31 එම දශකයේ අවසාන දිනයයි. වසර දැක්වෙන සංඛ්‍යාවෙහි අග ඉලක්කම ඉවත් කර ලැබෙන අගයට 1ක් එකතු කිරීමෙන් පහසුවෙන්ම එම වසර අයත් වන දශකය හඳුනාගත හැක. (නමුත් ඉවත් කළ ඉලක්කම 0 වනවිට එකක් එකතු කළයුතු නැත.) උදා- අපි 2023 වසර අයත් වන දශකය සොයමු. එහි අග ඉලක්කම ඉවත් කළවිට 202 ලැබේ. 1ක් එකතු කළවිට 203 වේ. එවිට 2023 යනු 203 වන දශකයට අයත් වසරකි. උදා- අපි 2030 වසර අයත් වන දශකය සොයමු. එහි අග ඉලක්කම ඉවත් කළවිට 203 ලැබේ. අග ඉලක්කම 0 බැවින් 1ක් එකතු කළයුතු නැත. එවිට 2030 යනු 203 වන දශකයට අයත් වසරකි. වර්ෂ සියයේ ගොඩවල් වලට මෙම වර්ෂ බෙදාගත්විට එලෙස බෙදාගන්නා වර්ෂ සියයේ ගොඩක් සියවසක් ලෙස හැඳින්වේ. ක්‍රි.ව. 1 සිට ක්‍රි.ව. 100 තෙක් පළමු සියවසයි. ක්‍රි.ව. 101 සිට ක්‍රි.ව. 200 තෙක් දෙවන සියවසයි. ඒ ආකාරයට ක්‍රි.ව. 2001 සිට ක්‍රි.ව. 2100 තෙක් 21 වන සියවසයි. 2001-01-01 දින එහි ආරම්භක දිනය වන අතර 2100-12-31 එහි අවසාන දිනයයි. වසර දැක්වෙන සංඛ්‍යාවෙහි අග ඉලක්කම් දෙක ඉවත් කර ලැබෙන අගයට 1ක් එකතු කිරීමෙන් පහසුවෙන්ම එම වසර අයත් වන සියවස හඳුනාගත හැක. (නමුත් ඉවත් කළේ 00 නම් එකක් එකතු කළයුතු නැත.) වර්ෂ දහසේ ගොඩවල් වලට මෙම වර්ෂ බෙදාගත්විට එලෙස බෙදාගන්නා වර්ෂ දහසේ ගොඩක් සහස්‍රකයක් ලෙස හැඳින්වේ. ඉහත දැණුම පෙළ පොතේ 6.1 අභ්‍යාසය ඇසුරෙන් තවදුරටත් වර්ධනය කරගමු. සාමාන්‍යයෙන් වසර 4කට වරක් අධික වර්ෂයක් පැමිණේ. එ නමුදු වසර 8කට පසුව අධික අවුරුදු පැමිණෙන අවස්ථා ද ඇත. යම් වසරක් 4න් බෙදෙන අගයක් නම්, එය අධික වර්ෂයකි. (නමුත් වර්ෂයෙහි අග ඉලක්කම් දෙකෙන් දැක්වෙන සංඛ්‍යාව 4න් බෙදීමෙන් ද මෙය හඳුනාගත හැක.) යම් වසරක අග ඉලක්කම් දෙකම බින්දු වන විට 400න් බෙදිය යුතු අතර, අග ඉලක්කම් දෙක අතහැර ඉතිරි කොටස 4න් බෙදීම ද කළ හැක. සාමාන්‍ය වසරකට දින 365කි. අධික වසරකට දින 366කි. නමුත් ගණනය කිරීමක දී අපි වසරකට දින 365 ලෙස ගනිමු. මාසයකට ඇති දින ගණන 28,29,30 හෝ 31 වේ. නමුත් ගණනය කිරීමක දී අපි මසකට දින 30 ලෙස ගනිමු. පෙළ පොතේ 6.2 අභ්‍යාසය ඇසුරෙන් මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරමු. යමෙකුගේ වයස, යම් කාර්යයකට ගතවූ කාලය, කාලය එකතු කිරීම සහ අඩු කිරීම අපි 6.3 අභ්‍යාසය ඇසුරෙන් සාකච්ඡා කරමු. ඉහත උගත් කරුණු ආශ්‍රික විවිධ ගැටලු සහිත 6 මිස්‍ර අභ්‍යාසයට යමු. පාඩම් පෙළගැස්ම 1st TERM 01. සමමිතිය 02. කුලක 03. පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම 04. සාධක හා ගුණාකාර 05. දර්ශක 06. කාලය 07. සමාන්තර සරල රේඛා 08. සදිශ සංඛ්‍යා 09. කෝණ 2nd TERM 10. භාග 11. දශම 12. වීජීය ප්‍රකාශන 13. ස්කන්ධය 14. සරල රේඛීය තල රූප 15. සමීකරණ සහ සූත්‍ර 16. දිග 17. වර්ගඵලය 18. වෘත්ත 19. පරිමාව 20. දුව මිණුම් 3rd TERM 21. අනුපාත 22. ප්‍රතිශත 23. කාටිසීය තලය 24. සරල රේඛීය තල රූප නිර්මාණය 25. ඝන වස්තු 26. දත්ත නිරූපණය සහ අර්ථකථනය 27. පරිමාණ රූප 28. ටෙසලාකරණය 29. සිදුවීමක විය හැකියාව