වෘත්තයකට ගෑවී යන රේඛාව ස්පර්ශකය වේ.

” වෘත්තයක් මත පිහිටි ලක්ෂ්‍යයක දී අරයට ලම්භකව අඳින රේඛාව වෘත්තය ස්පර්ශ කරයි. ” එනම් එය වෘත්තයේ ස්පර්ශකයකි.

” වෘත්තයකට ඇඳි ස්පර්ශකය ස්පර්ශක ලක්ෂයේ දී ඇඳි අරයට ලම්භක වේ. ” එය දෙවන ප්‍රමේයයයි.

මේ පිළිබඳව 22.1 අභ්‍යාසය ඇසුරෙන් තව දුරටත් උගනිමු.

” පිටතින් පිහිටි ලක්ෂයක සිට වෘත්තයකට ස්පර්ශක දෙකක් ඇඳිය හැක. (මෙහි දී ස්පර්ශකය ලෙස සලකන්නේ පිටත ලක්ෂයේ සිට ස්පර්ශක ලක්ෂයට ඇති දුරයි.) එම ස්පර්ශක,

i) දිගින් සමාන වේ.

ii) බාහිර ලක්ෂයත් කේන්ද්‍රයත් යා කරන රේඛාව මගින් ස්පර්ශක අතර කෝණය සමච්ඡේදනය වේ.

iii) ස්පර්ශක මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණ සමාන වේ.”

මේ පිළිබඳව 22.2 අභ්‍යාසය ඇසුරෙන් තව දුරටත් උගනිමු.

” වෘත්තයකට අඳින ස්පර්ශකයත් ස්පර්ශක ලක්ෂ්‍යයේ දී අඳින ජ්‍යායත් අතර කෝණය ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ පිහිටන කෝණයට සමාන වේ. “

මේ පිළිබඳව 22.3 අභ්‍යාසය ඇසුරෙන් තව දුරටත් උගනිමු.