න්‍යාසයක් යනු කුමක්ද?

වගුවක ඇති තොරතුරු දක්වන තවත් ක්‍රමයක් කියල අපි දැනට කියමු.

න්‍යාසයක ඇති පේළි ගණන සහ තීර ගණන න්‍යාසයේ ගණය ලෙස හැඳින්වෙනවා. න්‍යාසයක් ඉංග්‍රීසි කැපිටල් අකුරකින් නම් කෙරෙනවා.

තීර න්‍යාස, පේළි න්‍යාස සහ සමචතුරස්‍ර න්‍යාස පිළිබඳ තොරතුරු වගේම සමමිති න්‍යාස සහ ඒකක න්‍යාස පිළිබඳ තොරතුරුද මේ වීඩියෝවේ අඩංගුයි.

වීඩියොව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 19.1 අභ්‍යාසය කරන්න.

19.1 අභ්‍යාසය කළ පසු ඔබේ පිළිතුරුවල නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියොව බලන්න.

ගණය සමාන න්‍යාස දෙකක් එකතු කරන්නත් අඩු කරන්නත් පුලුවන්.

එතකොට අනුරූප අවයව තමයි එකතුවෙන්නේ. ඒ ගැන වැඩි දුරටත් තොරතුරු පහත වීඩියෝවේ තියෙනවා.

වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 19.2 අභ්‍යාසය කරන්න.

19.2 අභ්‍යාසය කළ පසු ඔබේ පිළිතුරුවල නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියොව බලන්න.

න්‍යාසයක් යම් අගයකින් ගුණ කරන හැටි පහත වීඩියෝවෙන් විස්තර කෙරෙනවා.

එක් එක් අවයවය වෙන වෙනම ගුණකිරීම තමයි කෙරෙන්නේ.

වීඩියෝව අධ්‍යයනය කර පෙළපොතේ 19.3 අභ්‍යාසය කරන්න.

19.3 අභ්‍යාසය කළ පසු ඔබේ පිළිතුරුවල නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියොව බලන්න.

ඊළඟට තියෙන්නේ න්‍යාසයක් න්‍යාසයකින් ගුණකිරීම.

එකතුකරන්නත් අඩු කරන්නත් ගණය සමාන වෙන්න ඕනෙ. නමුත් මෙතනදී ගණය සමාන වෙන්න අවශ්‍ය නෑ.

පළමු න්‍යාසයේ තීර ගණන දෙවන න්‍යාසයේ පේළි ගණනට සමාන නම් ගුණ කරන්න පුලුවන්.

එහිදී පළමු න්‍යාසයේ පේළි දෙවන න්‍යාසයේ තීර සමඟ ගුණ වෙනවා.

පිළිතුර ලෙස ලැබෙන න්‍යාසයේ පේළි ගණන පළමු න්‍යාසයේ පේළි ගණනටත්, එහි තීර ගණන දෙවන න්‍යාසයේ තීර ගණනටත් සමාන වෙනවා.

පහත වීඩියෝව අධ්‍යයනය කර පෙළ පොතේ 19.4 අභ්‍යාසය කරන්න.

19.4 අභ්‍යාසය කළ පසු ඔබේ පිළිතුරුවල නිවරද්‍යතාවය පිරික්සීමට පහත වීඩියොව බලන්න.

දරුවනේ අපි දැන් ඊළඟ පාඩමට යමු.