ව්‍යාරයක් ඇරඹීමට මුදල් (ප්‍රාග්ධනය) අවශ්‍ය වේ. මේ මුදල් සොයාගැණීමට සාමාන්‍යයෙන් යොදන උපක්‍රමය නම් අවශ්‍ය මුදල වෙනත් අයගෙන් කුඩා ප්‍රමාණ ලෙස ලබා ගැණීමයි. එය ව්‍යාපාරයේ කොටස් විකිණීම ලෙස හැඳින්වේ.

මෙහිදී ඔබට අවශ්‍ය නම් එම කොටස් මිල දී ගත හැක. එනම් ඔබට එම ව්‍යාපාරයට යම් මුදලක් යෙදවිය හැක. එවිට ඔබ එම ව්‍යාපාරයේ කොටස් කරුවෙකි.

ඒ වෙනුවෙන් වසරකට වරක් ඔබට ඔවුන් යම් ගෙවීමක් කරනු ඇත. එය ඔබේ ලාභාංශ ආදායමයි.

පසුව ඔබට එම කොටස් ගත් මිලටම (සම මිලට) හෝ ඊට වැඩි මිලකට (අධි මිලට) හෝ ඊට අඩු මිලකට (අව මිලට) තවත් කෙනෙකුට පැවරිය හැක.

මේ සම්බන්ධ සාමාන්‍යපෙළ දරුවකුට ගැලපෙන මට්ටමේ පැහැදිලි කිරීමක් පහත වීඩියෝවේ ඇතුලත්ය.

ව්‍යාපාර කොටස් සම්බන්ධ සරල ගැටලු විසඳීම පහත වීඩියෝවෙන් අධ්‍යයනය කරන්න.

ඉහත වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 10.1 අභ්‍යාසය තනිව කරන්න. එහි පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

තරමක් සංකීර්ණ විභාග මට්ටමේ ගැටලු පහත වීඩියෝවේ ඇතුලත්ය.

ඉහත වීඩියෝව අධ්‍යයනය කළ පසු පෙළ පොතේ 10.2 අභ්‍යාසය තනිව කරන්න. එහි පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

Live

දැන් ඔබේ දැණුම පරීක්ෂා කිරීමේ වාරයයි. කොලයක් පෑනක් ගෙන ගැටලු විසඳමින් නිවැරදි පිළිතුරු ඇතුලත් කරමින් පහත පරීක්ෂණයට මුහුන දෙන්න. සියළු ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඔබේ ලකුණු ඔබම බලාගන්න. (පහත රූපය මත ක්ලික් කරන්න)

සාමාන්‍යපෙළ දරුවෙකුට ප්‍රමාණවත් දැණුමක් ඔබට ලැබී ඇත. කොටස් ගණුදෙනු සඳහා කොටස් වෙළඳපොලට යාම අත්‍යවශ්‍ය නොවන අතර අන්තර්ජාලය හරහා ද ගණුදෙනු සිදුකළ හැක. ඔබ සත්‍ය වශයෙන්ම කොටස් වෙළඳපොළෙහි ගණුදෙනු කිරීමට බලාපොරොත්තුවන්නේ නම් මෙම දැණුම ඔබ තවදුරටත් වර්ධනය කරගත යුතු වේ.

දරුවනේ, අපි ඊළඟ පාඩමට යමු.