මුහුණතක පෘශ්ඨයක ඇති ඉඩ ප්‍රමාණය එහි වර්ගඵලය ලෙස හැඳින්වේ.

පිරමීඩයක පතුල එනම් ආධාරකය විවිධාකාර විය හැක. නමුත් සාමාන්‍යපෙළ විශය නිර්දේශය තුල පතුල සමචතුරස්‍ර වූ පිරමීඩ ගැන පමනක් අපි කතා කරන්නෙමු. එවැනි පිරමීඩයකට ත්‍රිකෝණාකාර මුහුණත් 4කි; සමචතුරස්‍රාකාර මුහුනත් 1කි; සියල්ල 5කි.

මුහුණත් සියල්ලෙහි වර්ගඵල එකතුකිරීමෙන් මුළු පෘශ්ඨ වර්ගඵලය ලැබේ.

පාඩම තවදුරටත් අධ්‍යයනය කර, පෙළ පොතේ 4.1 අභ්‍යාසය කරන්න.

4.1 අභ්‍යාසය කළපසු එහි පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

කේතුවකට මුහුණත් දෙකකි. පතුල වෘත්තාකාර වන බැවින් පතුලේ වර්ගඵලය πr2 මගින් ලැබේ. වක්‍ර පෘශ්ඨය πrl මගින් ලැබේ.

කේතුවක් සම්බන්ධයෙන් පහල දාරයේ සිට මුදුනට උස ඇල උස වේ. එහි සංකේතය ලෙස සාමාන්‍යයෙන් l යොදාගනී. පතුලේ මැද සිට මුදුනට ඇති උස ලම්භ උස වේ. සංකේතය ලෙස සාමාන්‍යයෙන් h යොදාගනී.

පාඩම තවදුරටත් අධ්‍යයනය කර, පෙළ පොතේ 4.2 අභ්‍යාසය කරන්න.

4.2 අභ්‍යාසය කළපසු එහි පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

ගෝලයකට ඇත්තේ එක් පෘශ්ඨයකි.

එහි වර්ගඵලය වෘත්තයක වර්ගඵලය මෙන් 4ගුණයකි. එබැවින් එය 4πr2 මගින් ලබාගතහැක.

පාඩම තවදුරටත් අධ්‍යයනය කර, පෙළ පොතේ 4.3 අභ්‍යාසය කරන්න.

4.3 අභ්‍යාසය කළපසු එහි පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

දරුවනේ, අපි ඊළඟ පාඩමට යමු.