නිර්මාණ

ලක්ෂ්‍යයක් යනු අපි කතාකරන භාශාවෙන් තිතකි.

ලක්ෂ්‍ය දෙකක් අතර දුර යනු සරල රේඛීය දුරයි.

ලක්ෂ්‍යයක සිට සරල රේඛාවකට ඇති දුර යනු ලම්භ දුරයි.

පථයක් යනු ගමන්මාර්ගයකි. මෙදී අපි ලක්ෂ්‍යයක ගමන් මාර්ගය ගැන සාකච්ඡා කරන්නෙමු.

මූලික පථ හතරකි.

අචල ලක්ෂ්‍යයකට නියත දුරින් ගමන්කරන විචල්‍ය ලක්ෂ්‍යයක පථය එම අචල ලක්ෂ්‍යය කේන්ද්‍රය වූ වෘත්තයකි.

නියත දුරක් යනු වෙනස් නොවන දුරකි.

අචල ලක්ෂ්‍යය දෙකකට සමදුරින් ගමන්කරන විචල්‍ය ලක්ෂ්‍යයක පථය එම අචල ලක්ෂ්‍ය යාකරන රේඛා‍වේ ලම්භ සමච්ඡේකයයි.

දුරවල් දෙකක් ඇතිවිට, එම දුරවල් වෙනස් වුවද හැමවිට සමාන වන්නේ නම් සමදුර ලෙස හැඳින්වේ. සමදුර නියත විය යුතු නැත.

අචල රේඛාවකට නියත දුරින් ගමන්කරන විචල්‍ය ලක්ෂ්‍යයක පථය එම ‍අචල රේඛාට සමාන්තර රේඛා දෙකකි.

අචල රේඛා දෙකකට සම දුරින් ගමන්කරන විචල්‍ය ලක්ෂ්‍යයක පථය එම ‍අචල රේඛා දෙක හමුවීමෙන් සෑදෙන කෝණයේ සමච්ඡේකයයි.

පහත වීඩියෝවෙන් පථ පිළිබඳව අධ්‍යයනය කරන්න.

අපි කවකටුව භාවිතයෙන් අංශක 60, 30, 45 කෝණ නිර්මාණය කරමු.

අපි කවකටුව භාවිතයෙන් අංශක 120, 105, 150 කෝණ නිර්මාණය කරමු.

සමාන්තර රේකා සහ ලම්භක රේඛා නිර්මාණය

දැන් අපි පෙළ පො‍තේ 10.1 අභ්‍යාසය පටන්ගමු.