සරල රේඛා වලින් වටවූ සංවෘත තල රූපය බහු අස්‍රයකි.

බහු අස්‍රයක ඇතලත පිහිටන කෝණ එනම් අභ්‍යන්තර කෝණ පිළිබඳව පහත වීඩියෝවෙන් සාකච්ඡා කර ඇත.

බහු-අසුයෙන් බහු-අස්‍රයට අභ්‍යන්තර කෝණ වල එකතුව ක්‍රමයෙන් වැඩිවේ. විවිධ අගයයන් ගනී.

බහු-අස්‍රයක බාහිර කෝණ වල එකතුව සොයා ගැනීම, ඒ සඳහා භාවිතා කළ හැකි සූත්‍ර පිළිබඳව සාකච්ඡා කර ඇත.

පහත වීඩියෝව අධ්‍යයනය කර, පෙළ පොතෙහි 25.1 අභ්‍යාසය කරන්න.

25.1 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

බහු-අස්‍රයක පාදයක් දික් කළ විට එයට පිටතින් සෑදෙන කෝණ බාහිර කෝණ වේ.

ඕනෑම බහු-අස්‍රයක බාහිර කෝණ වල එකතුව අංශක 360ක් වේ. එය නියත අගයකි. බහු-අස්‍රෙයන් බහු-අස්‍රයට වෙනස් නොවේ.

ඉහත කරණු සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති පහත වීඩියෝව අධ්‍යයනය කරන්න. පෙළ පොතේ 25.2 අභ්‍යාසය කරන්න.

25.2 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

යම් බහු-අස්‍රයක පාද සියල්ල දිගින් සමාන වේ නම් සහ කෝණ සියල්ල ප්‍රමාණයෙන් සමාන වේ නම්, ඒවා සවිධි බහු-අස්‍ර වේ.

සවිධි බහු-අස්‍ර පිළිබඳව සාකච්ඡා කර ඇති පහත වීඩ්යෝව අධ්‍යයනය කර පෙළ පොතෙහි 25.3 අභ්‍යාසය කරන්න.

25.3 අභ්‍යාසය සම්පූර්ණ කළ පසු එහි පිළිතුරුවල නිවරද්‍යතාවය පරීක්ෂා කිරීමට පහත වීඩියෝව යොදාගන්න.

ජාතික රූපවාහිණිය සහ ජාතික අධ්‍යාපන ආයතනය වෙනුවෙන් මා විසින් නිර්මාණය කර ඉදිරිපත්කරන ලද බහු-අස්‍රවල කෝණ සම්පූර්ණ පාඩම පහත ඇත.

මෙය ජාතික අධ්‍යාපන ආයතනයෙහි ගුරුගෙදර YouTube නාලිකාවෙන් උපුටාගන්නා ලදී.

අපි දැන් ඊළඟ පාඩමට යමු.

පාඩම් පෙළගැස්ම

1st TERM

01. සංඛ්‍යා රටා

02. ද්වීමය සංඛ්‍යා

03. භාග

04. ප්‍රතිශත

05. වීජීය ප්‍රකාශන

06. වීජීය ප්‍රකාශනවල සාධක

07. ප්‍රත්‍යක්ෂ

08. සරල රේඛා, සමාන්තර රේඛා ආශ්‍රිත කෝණ

09. ද්‍රව මිණුම්

2nd TERM

10. අනුලෝම සමානුපාත

11. ගණකය

12. දර්ශක

13. වැටයීම සහ විද්‍යාත්මක අංකනය

14. පථ හා නිර්මාණ

15. සමීකරණ

16. ත්‍රිකෝණයක කෝණ

17. සූත්‍ර

18. වෘත්තයක පරිධිය

19. පෛතගරස් සම්බන්ධය

20. ප්‍රස්තාර

3rd TERM

21. අසමානතා

22. කුලක

23. වර්ගඵලය

24. සම්භාවිතාව

25. බහු-අස්‍රවල කෝණ

26. වීජීය භාග

27. පරිමාණ රූප

28. දත්ත නිරූපණය සහ අර්ථකථනය